කහතුඩුව, ඉංගිරිය, රත්නපුර සහ පැල්මඩුල්ල දක්වා දිවෙන කිලෝමීටර් 76ක දිගින් යුත් “රුවන්පුර අධිවේගී මාර්ගය” මෙම වර්ෂය අවසන් වීමට පෙර ඉදිකිරිම් ඇරඹීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
පසුගිය රජය විසින් මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා විදේශිය සමාගමක් සමග ගිවිසුම් අත්සන් තබා තිබු අතර එය අධික පිරිවැයක් සහිත වීම හේතුවෙන් එම ගිවිසුම අවලංගු කිරිමට කැබිනට් මණ්ඩලය තීරණය කොට තිබෙනවා.
එම අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් කටයුතු දේශීය බැංකු හරහා ලබා ගන්නා අරමුදල් භාවිතා කොට දේශීය ඉදිකිරිම්කරුවන් හරහා සිදු කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබුණා.
මෙම අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ ඉංගිරිය අතර කොටස මෙම වසර අවසන් වීමට පෙර අවසන් කිරිමට කටයුතු කරන ලෙස උපදෙස් ලබාදී ඇත.