තමන් එදා මෙන්ම අදත් ක්‍රීඩකයින්ව පොලිසියෙන් ප්‍රශ්න කිරිමට විරුද්ධ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.
ට්විටර් සටහනක් තබමින් හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටින්නේ ක්‍රීඩකයින් ගෙන් පොලිසිය ප්‍රශ්න කිරිම ආරම්භ කෙරුනේ ඉකුත් යහපාලන රජය සමයේදී බවයි.
” විශේෂ මුල්‍ය විමර්ශන ඒකකය විසින් 2016 වර්ෂයේදී එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් හා එක්දින කණ්ඩායමේ නායකයා වන ඇන්ජලෝ මැතිව්ස්ව ප්‍රශ්න කිරීමට ලක් කෙරුණා.
ක්‍රීඩකයින් ගෙන් ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් මම එදත් විරුද්ධයි අදත් විරුද්ධයි. මෙවැනි ගැටළු විසඳීම සඳහා බලධාරින් පත්කොට සිටිනවා යැයි” හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.