මාතර නිල්වලා ගඟේ මාගල්ගොඩ පොම්පාගාරය අසළ දී පොලිස් නිලධාරියෙක් කිඹුලෙකු ඩැහැගෙන ගොස් තිබෙනවා. ඊයේ (01) රාත්‍රී 10.30 ට පමණ එම පොලිස් නිලධාරියා ඇතුළු පිරිසක් එම ස්ථානයේ සිටින විට එක් අයෙකුගේ දුරකථනයක් ගඟට වැටී ඇති බවයි වාර්තා වන්නේ.
වතුරට වැටුණු දුරකථනය ගැනීම සඳහා එම පොලිස් නිලධාරියා ගඟට බැස ඇති අතර සුළු මොහොතකින් තමාව තමාව කිඹුලෙක් කන බව පවසමින් කෑ ගසා තිබේ.
නමුත් කිසිවෙකුටත් ඔහු බේරා ගැනීමට නොහැකි වී ඇති අතර, ගඟේ ගිලුණු පොලිස් නිලධාරියා සොයා අද උදෑසන වන පොලිසිය, නාවික හමුදාව විසින් එක්ව මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
මෙසේ අතුරුදන්ව ඇත්තේ 54 හැවිරිදි කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානයට අනුයුක්ත අතුල වඩිනම්බි නැමති සිව්දරු පියෙකි.
ඔහු අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත සේවයෙන් විශ්‍රාම යෑම සඳහා ඉල්ලුම්කර සිටි අයෙක් බව වාර්තා වේ.