කොළඹ වරායේ සේවකයින් වර්ජනයක් අරඹයි

July 2, 2020 at 1:34 PM

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුවේ වෘත්තිය ක්‍රියාමාර්ගවලට සමගාමීව කොළඹ වරායේ සේවකයින් පිරිසක් වැඩ වර්ජණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, චීනයේ සිට ගෙන්වනු ලැබූ ග්‍රැන්ටි දොඹකර 03ක් වරායේ නැගෙනගිර පර්යන්තයට සවිකොට එය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යන ලෙස ඉල්ලමින්ය.

මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුවේ සාමාජිකයින් තිදෙනා තවදුරටත් ග්‍රැන්ට් දොඹකර මත නැඟ විරෝධතාවයේ නිරතවනවා.