වනෝද්‍යානයන් වෙත එන සංචාරකයින් කළමනාකරණ කිරීමට ඇප් එකක් හඳුන්වා දෙයි

June 30, 2020 at 11:58 AM

ජාතික වනෝද්‍යාන වෙත පැමිණෙන සංචාරකයන් කළමනාකරණය සදහා නව ඇප් එකක් ද හදුන්වාදී තිබෙනවා. කිසියම් අවස්ථාවකදී වනෝද්‍යාන තුළට ඇතුළු කර තිබෙන වාහන ගණන පහසුවෙන් දැනගැනීමට ද එමගින් හැකි වන බවයි ඒ පිළිබද කරුණු දැක්වූ වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර පැවසුවේ.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ ඇප් එක භාගත කර ගත හැකි බවද සඳහන් කෙරුණා.

එම අන්තර්ජාල යෙදවුම (ඇප්) භාගත කර ගත හැකි සබැඳිය පහතින් :

http://www.dwc.gov.lk/?page_id=22