ශ්‍රී දළදා මාලිගාවේ දළදා කරඩුවද කිහිප අවස්ථාවක් වැඩමවු කෑගල්ල මිල්ලන්ගොඩ ජයන්ති ඈතා ඊයේ (29) පස්වරුවේ මිය ගොස් තිබෙනවා.
මිය යන විට වයස අවුරුදු 68 ක් පමණ වන මෙම හස්තියා වයස අවුරුදු හතරේදි දෙහිවල සත්වෝද්‍යානයේ පැවැති ප්‍රසිද්ධ වෙන්දෙසියකදි රුපියල් 5500 ක වටිනාකමකට වෙන්දේසි වු අවස්ථාවේ දැනට 95 වන වියේ පසු වෙන එස්.ආර්.එස් මිල්ලංගොඩ මහතා ( මිල්ලන්ගොඩ ලොකු මහත්තයා) විසින් මිලදි ගත් හස්තියෙකි.
මෙම ඈතා ජයන්ති නම් වන අතර පොඩි රාජා ලෙසින්ද හදුන්වයි. 1956 බුද්ධ ජයන්ති වසරේ මෙම ඈතා මිලදි ගෙන තිබු නිසා ඈතාට ජයන්ති නම යොදා ඇත.
ඈතා මිය යන විට අඩි 9 කට ආසන්න උසකින් යුක්ත විය. දිවයින පුරා වෙහෙර විහාරස්ථාන රැසක පෙරහැර අවස්ථාවන් වලට සහභාගි වි ඇති මෙම හස්තියා 2016 වසරේද කිහිප වතාවක් ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ සදාතුක කරඩුව වැඩමා ඇති අතර 2017 වසරේ ප්‍රථම රන්දෝලි පෙරහරේ සදාතුක කරඩුව වැඩමා ඇති බව මාධ්‍ය වෙත අදහස් දැක්වු හිටපු පළාත් සභා මන්ත්‍රි ආනන්ද මිල්ලන්ගොඩ මහතා පවසා සිටිනවා.