අගෝස්තු මස 05 වෙනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණයේ පළමු නිල ජන්ද ප්‍රථිපලය අගෝස්තු 06 වෙනිදා දහවල් 2.00 වන විට ප්‍රකාශයට පත් කිරිමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටිනවා.
මාධ්‍ය ආයතන ප්‍රධානින් සමග අද මැතිවරණ කොමිෂන් සභාවේදී පැවති සාකච්ජාවකදී සභාපතිවරයා මේ බව කියා සිටියා.
මහ මැතිවරණයේ ජන්ද ප්‍රථිපල ගණන් කිරිමේ කටයුතු අගෝස්තු 06 වෙනිදා පෙරවරු 8.00 ට ආරම්භ කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.