මත්පැන් බැරල් 39ක් සමග ලාංකිකයෙකු කුවේට් හිදී අත්අඩංගුවට

June 30, 2020 at 11:52 AM

කුවේටයේ පිහිටි සල්වා නගරයේ ශ්‍රී ලාංකිකයෙකු විසින් පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් කම්හලක් වැටලීමට එරට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා. රාත්‍රී රාජකාරියේ යොදවා සිටි ආරක්ෂක මුර සංචාරයේ යෙදී සිටි නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම මෙහෙයුම සිදුකර ඇත.

බෑගයක් රැගෙන ගොඩනැගිල්ලක් තුල සිට පිටතට පැමිණි පුද්ගලයෙකු ආරක්ෂක නිලධාරීන් දැක බියට පත්වී බෑගය විසි කොට නැවත ගොඩනැගිල්ල තුලට දිව ගොස් ඇත.

පසුව එම නිලධාරීන් විසින් සිදුකරන ලද පරීක්ෂාවකදී ඉතා රහසිගතව පවත්වාගෙන ගොස් ඇති නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය ගැන තොරතුරු හෙළිකර ගැනීමට හැකිව ඇත්තේ.

කුවේටයේ ආරක්ෂක බලධාරීන් විසින් එම මහල් ගොඩනැගිල්ලේ තිබී මත්පැන් බැරල් 39ක් සහ නිෂ්පාදන උපකරණ සමගින් ශ්‍රී ලාංකිකයෙකු අත්ඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.