පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ප්‍රධානියාට මාරුවක්

June 30, 2020 at 1:13 PM

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්තට ස්ථාන මාරුවීමක් ලබාදීමට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පතිවරයාට පොලිස් සුබසාධන කොට්ඨාශය වෙත මාරුකොට යවා තිබෙනවා.

ඔහුගෙන් හිස්වන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රාජකාරි ආවරණය කිරිම සඳහා නියෝජ්‍ය පොලිස්පති කේ. අපොන්සෝ පත් කොට තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ස්ථාන මාරුවීමක් ලබාදී ඇත්තේ එහි සේවය කළ නිලධාරින් 04 දෙනෙකු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධකම් පවත්වා ගෙන යෑම සහ ඒ හරහා
උපයා ගත් රුපියල් මිලියන 30ක් වටිනා මුදල් සහ වෙනත් දේපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කර ගෙන ඇති පසුබිමක් තුලදීය.