ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා තවදුරටත් සහය පළ කරන බව අමෙරිකාව පවසනවා. රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර පැවැති දුරකථන සාකච්ඡාවකදී රාජ්‍ය ලේකම්වරයා විසින් ඒ බව දැනුම් දී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ.
කෝවිඞ් -19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා දෙරටේ අන්‍යොන්‍ය උනන්දුව සහ ආර්ථික ස්ථාවරත්වය මෙන්ම තිරසාර වර්ධනය සඳහා වූ කැපවීම පිළිබඳව ද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙහිදී සාකච්ඡා කොට ඇත.
අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට මේ වනවිටත් ලබාදෙමින් සිටින COVID -19 ආධාර පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා.