සෙල්ෆියක් ගන්න ගිය මනමාලයා “සේර ඇල්ලට” වැටී ජිවිතක්ෂයට

June 29, 2020 at 10:04 AM

මංගල ජායාරුප ලබා  ගැනිමට යාමේදි සෙල්ෆි ඡායාරුපයක් ගැනිමට ගොස් රිවස්ටන් හි පිහිටි සේර ඇල්ලට වැටීමෙන් ඊයේ (28) පස්වරුවේ මනමාලයා ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කර සිටිනවා.

සෙල්ෆි ජායාරූපය ලබා ගැනීමට යාමේදී මෙම නව යුවල රිවස්ටන්හි පිහිටි සේර ඇල්ලට වැටී ඇති අතර මනමාලිය ගේ ජීවිතය බේරා ගෙන ඇති නමුත්  මනමාලයා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි ලග්ගල පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ එස් කේ ශිරන්ත සංජය රත්නසුරිය (27) කිරිවන්න, පන්සියගම කුරුණැගල පදිංචි තරුණයෙක් බව සඳහන්. ඊයේ සවස 4.20 ට පමන  නව යුවල ඡායාරුප ගැනිමට ගොස් සිටියදී මෙම අවසානාවන්ත සිද්ධියට මුහුන පා ඇත.

සිද්ධියෙන් මිය ගිය තරුණයාගේ සිරුර සෙවිමට ලග්ගල පොලිසිය කටයුතු කරමින් සිටියි.