කෞතුගාර යලි විවෘත කිරිම ජුලි 01 වෙනිදා

June 29, 2020 at 12:15 PM

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා සියලුම ජාතික කෞතුගාරයන් යළි ජුලි මස 01 වෙනිදා සිට විවෘත කිරිමට තීරණය කොට ඇති බව ජාතික කෞතුගාර අධ්‍යක්ෂක ජනරාල් නිවේදනය කර සිටිනවා.

ඒ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ලබාදුන් සෞඛ්‍ය මාර්ගෝපදේශක වලට යටත්වයි.

රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනවල හැර සතියේ සෙසු දිනයන් හිදී පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා කෞතුගාරයන් නැරඹීමට මහජනතාවට අවසර හිමිවුවත් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරිම සිදුකරනු ලබන්නේ දහවල් 2.30 දක්වා පමණක් සිදුකරනු ලබනවා.

කෞතුගාර යලි විවෘත කිරිමෙන් පසු එක් වරකට උපරිම නරඹන්නන් 15 දෙනෙකු වන පරිදි විනාඩි 30 කට වරක් ඇතුලත් කිරිමට පියවර ගෙන ඇත.

එමෙන්ම කෞතුගරය වෙත පැමිණෙන පුද්ගලයින්ට පහත සඳහන් දුරකථන අංක වලට අමතා චාරිකා සඳහා දිනයක් සහ වෙලාවක් වෙන් කිරිමට කටයුතු යොදා ඇත.