ඇමෙරිකානු ජනපති ඇතුළු 30 දෙනෙකුට ඉරානය වරෙන්තු නිකුත් කරයි

June 29, 2020 at 5:14 PM

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු පිරිසක්‌ අත්අඩංගුවට ගැනීම සඳහා ඉරානය විසින් අද වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ ඉරාකයේ බැග්ඩෑග් අගනුවරදී ඉරාන යුධ හමුදා ප්‍රධානියෙකු වන ජනරාල් කාසිම් සුලෙයිමානි ගමන් ගත් රථයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කොට ඔහුව ඝාතනය කිරිමේ චෝදනාවටයි.

ඉකුත් ජනවාරි මස 03 වෙනිදා එල්ල වූ මෙම ඩ්‍රෝන ප්‍රහාරය සඳහා අමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු 30 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කොට ඇත.

එමෙන්ම අමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු එම ප්‍රහාරයට වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉරානය ජාත්‍යන්තර පොලිසියේ සහයද ඉල්ලා ඇති බවයි එරට ඇතුළු විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.