ලෝක මුස්ලිම් ලීගය නම් වු සංවිධානය විසින් 2019 ජුනී 30 දින ශී‍්‍ර ලංකාව තුල සමුළුවක් පවත්වා එහිදී පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයෙන් විපතට පත්වූවන් සඳහා ලබා දීමට ඇමරිකානු ඩොලර් මිලියන 05 ක මුදලක් ආධාර වශයෙන් එවකට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට පිරිනමා ඇති බවත් එම මුදල් විපතට පත් ජනතාවට ලබා නොදුන් බවටත් අවස්ථා ගණනාවකදී පූජ්‍ය පක්ෂය හා විවිධ පුද්ගලන් මාධ්‍යයට ප‍්‍රකාශ නිකුත් කරන ලදී.
අදාල දින එම උත්සවයට මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහභාගී වුයේ එවකට ජනාධිපතිවරයා ලෙස ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.
කෙසේ වෙතත් මෙම මුදල් සම්බන්ධව මතභේදාත්මකව කරුණු ඉදිරිපත් කිරීමත් සමග මෙම සමුළුව සංවිධානය කළ සංවිධායක කමිටුවෙන් අප කළ විමසීමකට අනුව ලෝක මුස්ලිම් ලීගයෙන් ලිඛිතව එවකට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාව සිටි ඒ.ජේ.එම් මුසම්මීල් කළ විමසීමකට අනුව ලෝක මුස්ලිම් සංවිධානයේ මහ ලේකම් ආචාර්ය ෂෙයික් මොහාම්ද් බින් අබ්දුල් කරීම් අල් ඊසා විසින් ඊට පිළිතුරු වශයෙන් ලිපියකින් දැනුම් දී තිබෙන්නේ පහත සඳහන් ප‍්‍රධාන කරුණු 07 ක් සඳහා නිසි පරිදි තොරතුරු තවමත් ලබා නොදීම නිසා මෙම මුදල් ශී‍්‍ර ලංකාවට ලබා දී නොමැති බවයි.
1 ප්‍රහාරය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව
2 මිය ගිය අයගේ ආගම
3 මිය ගිය සහ තුවාළ ලැබූවන්ගේ නාම ලේඛනය
4 ප්‍රහාරය හේතුවෙන් සහ ඊට අදාළව හානියට පත් දේපොළෙහි වටිනාකම
5 වැන්දඹවන් සහ අනත් දරු සංඛ්‍යාව
6 වෙනත් අදාළ තොරතුරු
7 ජනාධිපති හෝ අගමැතිගේ පුණාධාර ගිණුම් අංකය
එම සංවිධානය ප‍්‍රදානය කිරීමට බලාපොරොත්තු වු මුදල් පරිත්‍යාගය තවමත් ශි‍්‍ර ලංකා රජයට, පුණ්‍ය ආයතනයකට හෝ වෙනත් පාර්ශවයකට තවමත් ප‍්‍රදානය කර නොමැති බව වැඩි දුරටත් දන්වා ඇති අතර වර්තමාන අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ජා කොට සහ ආගමික කටයුතු ඇමතිතුමා සමග සෘජුවම සම්බන්ධ කොට ගෙන අවශ්‍ය කටයුතු වේගවත් කිරීමට බලාපොරොත්තු වන බවද ඉහත ලිපියේ සඳහන් කර ඇත.