වැලිකඩ බන්ධනාගාරයට යවන්න ගෙනා භාණ්ඩ තොගයක් අල්ලා ගනියි : හෙයාර්ඩයි, සුවඳ විලවුන්, මත්කුඩු, ජංගම දුරකථන ඒ අතර

June 28, 2020 at 2:49 PM

කොළඹ මැගසීන් බන්ධනාගාරය තුලට විසි කිරිමට සුදානම් කර තිබු මත්ද්‍රව්‍ය, ජංගම දුරකථන, කොණ්ඩය කළු කිරිමට යොදා ගනු ලබන හෙනා පැකට් ඇතුළු භාණ්ඩ රැසක් සමගින් සැකකරුවන් සිව්දෙනෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බොරැල්ල මැගසීන් බන්ධනාගාරය තුලට පසුගිය 26 වෙනිදා විසික් කිරිමට උත්සහ කොට සාර්ථක නොවූ පාර්සලයක තිබී මත්ද්‍රව්‍ය, ජංගම දුරකථනයක් සහ චාජරයක් පොලිසිය විසින් සොයා ගනු ලැබුවා. ඒ බන්ධනාගාර නිලධාරින් කළ දැනුම් දීමක් අනුවයි.

එම සිද්ධියට අදාලව සිදුකරනු ලබන විමරශනයේදී බොරැල්ල, සිවලීපුර ප්‍රදේශයේ දී පොලිසිය විසින් හෙරොයින් ග්‍රෑම් 09 මිලිග්‍රෑම් 128ක් සමග සැකකරුවන් 04 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී පහත සඳහන් ද්‍රව්‍ය සොයා ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

එලෙස සොයා ගෙන ඇති ද්‍රව්‍ය වන්නේ, ජංගම දුරකථන 03ක්
ජංගම දුරකථන බැටරි 119ක්
ජංගම දුරකථන චාජර් 21ක්
හෑන්ෆ්‍රී 03ක්
මාවා ග්‍රෑම් 136ක්
දුම්කොළ පැකට් 10ක්
ඇක්‌ස් මයිල් 04ක්
නො කියුබ් 05ක්
ස්ප්ලිමන් ෆැක්ස් පෙති 59ක්
බෙහෙත් පෙති 337ක්
රාවන් බැලැක් හෙනා පැකට් 10
හුණු පැකට් 03ක්
දුන්කොළ පැකට් 03ක්
පවර් බෑන්ක් 03ක්
ගොඩ්ඩ්‍රිජ් හෙයාර්ඩයි පැකට් 09ක්
හෙයර්ඩයි පැකට් 05ක්
සුවද විළවුන් 10ක්
පිසින ලද කෑම වර්ග පාර්සල් 04ක්.

මෙම සැකකරුවන් සිව්දෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් පසුව දින 07ක කාලයක් රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරිමට පොලිසියට අවසර හිමිව තිබෙනවා.