ලොවපුරා රටවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට කෝටිය ඉක්මවා තිබෙනවා. ගෝලීය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් දත්ත සපයනු ලබන worldometers වෙබ් අඩවියට අනුව මේ වන විට වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 10,086,925ක් වන අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 501,393ක් වනවා.
කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 5,464,271ක් මේ වන විට සුවය ලබා තිබෙනවා.
නව කොරෝනා වෛරසයෙන් දැඩි බලපෑමකට ලක්ව සිටින අමෙරිකාව තුල ඉකුත් දින 03 තුලදී වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යා 112,318ක් වන අතර මරණ සංඛ්‍යාව 3,990ක් වනවා. එරටි මේ වන විට වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 2,596,537ක් වන අතර මරණ සංඛ්‍යාව 128,152ක් වේ.
වෛරසයේ ව්‍යාප්තිය දැඩිව බලපා ඇති බ්‍රසීලයේ තත්ත්වයද දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් පවතින බවයි ගෝලීය දත්ත පරික්ෂා කිරීමේදී පෙනී යන්නේ. බ්‍රසීලයේ පසුගිය දින 03 තුලදී කොරෝනා රෝගීන් 121,644ක් වන අතර වාර්තා වූ මරණ සංඛ්‍යාව 3,700ක් වනවා. මේ වන විට එරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව1,315,941ක් වන අතර මරණ සංඛ්‍යාව 57,103ක් වනවා.
මේ අතර අසල්වැසි ඉන්දියාවේද ගතවූ පැය 24 තුලදී කොරෝනා ආසාදතයින් 19,906ක් වනවා. මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 529,577ක් වන අතර මරණ සංඛ්‍යාව 16,103ක් වනවා.