මහමැතිවරණයේ ප්‍රථිපල අගෝස්තු මස 06 වනදා පස්වරුව වන විට නිකුත් කිරීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.
මොණරාගල රාජකීය විද්‍යාලයේ අද පැවති ආදර්ශ ඡන්ද ගණන් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව කියා සිටියා.
මෙහිදී අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කියා සිටියේ යම් ගණන් කිරිමේ මධ්‍යස්ථානයක මොනයම් හෝ ගැටළුවක් මතුවුව හොත් අවසන් ප්‍රථිපලය නිකුත් කිරිම තරමක ප්‍රමාදයක් ඇති විය හැකි බවයි.
“අගෝස්තු 07 වෙනිදා උදේ වෙනකොට ආණ්ඩු බලය තියෙන පක්ෂය හෝ ස්වාධින කණ්ඩායම මොකක්ද කියලා අපිට ජනතාවට කියන්න පුලුවන්. නමුත් පාර්ලිමේන්තුවට තේරෙන අපේක්ෂකයින් ගේ මනාප ප්‍රකාශ කිරිමට කාලයක් ගත වෙනවා. මන්ද මනාප ගණන් කිරිමට කාලයක් ගත වෙනවා” මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.