කොකා-කෝලා සමාගම සියළුම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන ගෙවන දැන්වීම් (paid ads) ප්‍රචාරණයන් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ තමන් විසින් වියදම් කරනු ලබන මුදල් යෙදවෙන්නේ කුමන කරුණක් උදෙසාද යන්න සොයා බැලීමේ බලාපොරොත්තු වෙන්ය.
“ලෝකයේ ජාතිවාදයට තැනක් නැත. සමාජ මාධ්‍යවල ජාතිවාදයට තැනක් නැත” යනුවෙන් ප්‍රධාන විධායක හා සභාපති ජේම්ස් ක්වින්සි මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියා.
“සංශෝධන අවශ්‍යද යන්න තීරණය කිරීම සඳහා අපගේ වෙළඳ ප්‍රචාරණ ප්‍රතිපත්ති නැවත තක්සේරු කිරීම සඳහා කොකා කෝලා සමාගම විසින් ඉදිරි දින 30 සඳහා සියලුම ජාත්‍යන්තර සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරනු ලබන වෙළඳ දැන්වීම් නවතා දැමු බවයි” එම සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
“ලාභයන් උදෙසා වෛරය පැතිරවීම නැවැත්වීම” යනුවෙන් ක්‍රියාත්මක NAACP සහ වෙනත් සංවිධාන විසින් සංවිධානය කරන ලද ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පුළුල් ලෙස වර්ජනය කිරීමේ වැඩසටහනේ කොටසක් ලෙස මෙය හැදින්විය හැකි බවයි විදෙස් විශ්ලේෂකයින් සඳහන් කරන්නේ.
කෙසේ වුවත් කොකා කෝලා සමාගම ඉදිරි පියවරක් තබමින් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පමණක් නොව ලොව ප්‍රධාන පෙලේ සමාජ මාධ්‍ය වේදිකාවල සියලුම දැන්වීම් තහනම් කිරීමට පියවර ගෙන ඇත. මෙම තහනම ට්විටර්, යූ ටියුබ් සහ වෙනත් සමාජ මාධ්‍ය වේදිකාවන් වලටද ද දැඩිවබලපානු ඇති.