අඩුවට දෙනවා කිව්වම ඉඩම් ගන්න යන්න එපා (VIDEO)

June 27, 2020 at 3:54 PM

ජිවිත කාලය පුරා හිසට සෙවනක් තනා ගැනීමට වෙහෙසි මුදල් එක් රැස් කරන ඔබ, තමන්ටම කියා මිලදී ගන්නා ඉඩම නිත්‍යානුකුලද යන්න පිලිබඳව ඔබ දැනුවත්ද කියා සොයා බැලීමට හා  මෙරට ඉඩම් ආශ්‍රිතව සිදුවන බව කියන අක්‍රමිකතා ගැන සාකච්ජා කිරිමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ Hari Creations යු ටියුබ් චැනලය සමග එක් වුණා.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කීයා සිටියේ මෙරට ඉඩම් මාෆියාවක් ක්‍රියාත්මක වන බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය තුල පවතින වටිනා ඉඩම් ඕනෑකමින් එහි පත්ඉරු ආදී තොරතුරු ඉවත් කිරිමට පියවර ගෙන ඇති බවයි.

” ඇතැම් වටිනා ඉඩම්වල පෙර පත් වල නියම හිමිකරුවන්ගේ නියම අයිතිවාසිකම් තොරතුරු බැටරි ඇසිඩ් යොදා ගන්නා බවට” තොරතුරු ලැබී ඇති බවයි ඉඩම් කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.