පාස්කු ප්‍රහාරයට අදාළ ලිපිගොනු 40ක් නීතිපතිවරයා යලි පොලිසියට හරවා යවයි

June 26, 2020 at 4:06 PM

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත යොමු කොට තිබු ලිපිගොනු 40 ක් යළි වැඩබලන පොලිස්පතිවරයා වෙත හරවා යැවු බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම් රජයේ අධි නීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කර සිටිනවා.

පාස්කු ඉරිදා එල්ලවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් දිවයිනේ විවිධ පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් සම්බන්ධයෙන් සිදු කරනු ලැබු විමර්ශනයන්ට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති විමර්ශන ලිපි ගොනු සහ උදෘත ඇතුලත් ලිපි ගොනු රාශියක විමර්ශන අවසන් බවට සඳහන්ව තිබුණත් එම විමර්ශන සම්පුර්ණ නොවූ ඒවා බවයි නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ.

පවතින තත්ත්වය මත දැනට ලැබී ඇති සෙසු ලිපිගොනු පරික්ෂා කර බලා ඒවායේ අඩුපාඩු ඇත්නම් යළි භාර දීමට පියවර ගන්නා බවත් එම ලිපිගොනුවල විමර්ශන නිසි පරිදි අවසන් කොට නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලෙස නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයාට සිය ලිපිය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.