ජනපති සිදුකළ ඉල්ලීමක් ගැන පාකිස්ථාන අගමැති ගේ ප්‍රතිචාරය

June 26, 2020 at 8:32 AM

කෝවිඞ් -19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙල පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පැසසුමට ලක්ව තිබෙනවා.

පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඊයේ (25) පැවැත්වූ දුරකථන සංවාදයකදීයි.

කොවිඩ් වසංගතය හමුවේ දියුණු වෙමින් පවතින රටවල් සඳහා ලබා දුන් ණය අය කර ගැනීමේදී සහනදායි වැඩපිළිවලක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකළ ඉල්ලීම පිළිබඳව ද පාකිස්ථාන අගමැතිවරයා පැසසුමට ලක් කොට තිබෙනවා.

ද්වි පාර්ශවික සබඳතා, කලාපීය තත්ත්වයන් ඇතුළු කරුණු ගණනාවක් කෙරෙහි නායකයින් දෙපළ එම දුරකථන සංවාදයේදී සාකච්ඡාවට ලක් කළ බවයි පාකිස්ථාන අග්‍රාමාත්‍ය කාර්යයාලය නිවේදනය කළේ.

කොරෝනා වසංගතය මැඩ පැවැත්වීමට සහයෝගයෙන් යුතුව ක්‍රියා කිරීමට ද නායකයින් දෙපළ සාකච්ඡා පැවැත්වූ බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය කාර්යයාලය වැඩිදුරටත් සඳහන් කළා.