කොවිඩ් 19 වසංගතය සමග සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට සහන සැලසීමට නොහැකි වුයේ මුදල් මණ්ඩලයේදී ඊට අදාළ තීරණ ගැනීමේදී ඇතිවූ යම් ප්‍රමාදයන් නිසා බව ප්‍රකාශ කර සිටිනවා.
ණය සහන සැලසීම සඳහා මහ බැංකුවේ නිතියට අනුව ලබාදිය හැකිව ඇත්තේ රුපියල් බිලියන 30 ක මුදලක් බවත් එය බිලියන 150ක් දක්වා වැඩි කිරිමට සිදුවුවත් මහ භාණ්ඩාගාරයෙන් ඒ සඳහා අවශ්‍ය මුදල් ලබා දීමක් සිදු නොවූ බවයි ජේෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ.
“රජය විසින් ලබා දෙන සහන සැලසීමේදී වාණිජ බැංකු මැලිකමක් දක්වනවා එම ණය ලබා දෙන්න. ඔවුන් කියන්නේ මෙම ව්‍යාපාර වලට ණය ලබාදීලා ඔවුන් එම ණය පියවුයේ නැත්නම් තමන්ට විශාල ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා.
මේ හේතුව නිසා එම වාණිජ බැංකුවලට අපි කිව්වා ලබාදී තිබෙන රුපියල් බිලියන 200 ක මුදලින් ණය ලබා දෙන්න කියලා ඒ සඳහා මහ බැංකුව ඇප වෙන්නම් කියලා. නමුත් එය එසේ වෙන්නේ නැහැ කියලා අපිට පේනවා.
අවසානයේදී අපි තීරණය කළා තවත් රුපියල් බිලියන 120ක් මුද්‍රණය කරන්න. ඒ ගැන අවසන් තීරණය අපි ඉදිරියේදී අර ගන්නවා.
නමුත් අපි ඊට පෙර රුපියල් බිලියන 300ක් මුද්‍රණය කළා. එම මුදල් වාණිජ බැංකු ඇතුළු වෙනත් අංශවල මේ වන විට සංසරණය වෙනවා.
ණය ලබාදීමේදී වාණිජ බැංකු මහ බැංකුවෙන් ඉලන්නේ එම ලබාදෙන ණය සඳහා රක්ෂණයක් ලබා දෙන්න කියලා. නමුත් ඒ ගැන තවමත් තීරණයක් අරගෙන නැහැ. නමුත් මේ අවස්ථාවේදී සිදු කළ යුතු හොඳම දේ එකයි. එතකොට වාණිජ බැංකු බය නැතුව අඩු පොලියට ණය ලබාදීම සිදුකරනවා.
පසුගිය සතියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි දෝෂාරෝපණයක් කළා මහ බැංකුවේ නිලධාරීන්ට.
නමුත් ඒ වෙනකොටත් මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන මුදල් මණ්ඩලයේදී සාකච්ජා කරලා තිබ්බේ. නමුත් එම තීරණ ක්‍රියාත්මක කරන්න නොහැකිව තිබුණේ ප්‍රායෝගික ගැටළු කිහිපයක් නිසයි.
මම හිතන්නේ ජනාධිපතිතුමා මහ බැංකු නිලධාරීන්ට බැන්නේ වැරදී වැටහීමකින් කියලා ” ශ්‍රී ලංකා මහ බැංකුවේ ජේෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කර සිටියා.