නාරාහේන්පිට පිහිටි පොල්හේන්ගොඩ යුධ හමුදා කඳවුරේ සේවය කළ හමුදා සෙබළෙකු ඊයේ රාත්‍රියේ සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 22ක් වූ හමුදා සෙබළෙක් බවයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටියේ.
මෙම සෙබළා හොරොව්පොතාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු පුද්ගලික කරුණක් මත මෙලෙස සියදිවි හානිකර ගන්නට ඇති බවට විශ්වාස කරන බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.