අත්අඩංගුවට ගනු ලැබූ මත්ද්‍රව්‍ය තොගයක් යලි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
එම විමර්ශනයන්ට අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනියුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ කොස්තාපල්වරුන් සිව්දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටිනවා.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරක් අනුව වැඩබලන පොලිස්පතිවරයාට සිදුකළ පැමිණිල්ලක් මත ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
කොළඹට ආසන්න ප්‍රදේශයකදී සිදුකළ වැටලීමකදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිය භාරයට ගන්නා ලද හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයෙන් කොටසක් මෙලෙස ඩුබායිහි සිටින මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වූ ගිහාන් ෆොන්සේකා ගේ ගෝලයකු වන ටයිල් චමින්ද නමැත්තාට ගෙන ගොස් භාරදී ඇත.
ටයිල් චමින්ද නමැති සැකකරු මිට සති දෙකකට ඉහතදී හෙරොයින් ග්‍රෑම් 05 ක් සන්තකයේ තබා ගෙන සිටියදී මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
එම සැකකරුගේ ජංගම දුරකතනයේ අංක සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී හෙළිවූ කරුණු මත සිදුකළ විමර්ශනයකදී ඉහත මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් තොරතුරු හෙළිවී තිබෙන බවයි වාර්තා වන්නේ.