පැය 07 ක ප්‍රකාශයක් ලබාදී කරුණා CID යෙන් පිටව යයි

June 25, 2020 at 5:39 PM

පැය 07 කට අධික කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා.

දේශපාලන රැස්වීමක් අතරවාරයේදී ඔහු විසින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විමර්ෂණ ආරම්භ කරනු ලැබුවා.