දිනකට PCR පරීක්ෂණ 500 ක් සිදු කළ හැකි රෝග නිශ්චය කිරීමේ විශේෂිත අණුක ජීව විද්‍යා රසායනාගාරය විවෘත කිරිම අද(24) සිදු කෙරේ.
පෙරවරුවේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීම සිදු වෙයි.
මෙම රසායනාගරය නැගෙනහිර කොළඹ මුලික රෝහල (මුල්ලේරියාව රෝහල) පරිශ්‍රයේ පිහිටුවා ඇත.
මේ අතර මෙරටින් හඳුනාගත් කොවිඩ්19 ආසාදිතයින් සංඛ්‍යාව 1991 දක්වා ඉහළගියේ පෙරේදා ඇමෙරිකාවෙන් ආ 11 දෙනෙකු ඊයේ වාර්තා වීමත් සමගිනි.