සහශ්රක අභියෝගතා සමායතන යෝජනාවලිය හෙවත් MCC ගිවිසුම සමාලෝචනය කිරීමේ කමිටුවේ අවසන් වාර්තාව අද පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දී තිබෙනවා.
එම කමිටුව විසින් මාස 06 ක කාලයක් ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යනයක නිරතවූ අතර එහිදී විවිධ කේෂ්ත්‍රයන් හා යෝජනා සම්බන්ධයෙන් ද සැලකිල්ලට ගෙන සිදුකරන ලද දීර්ඝ අධ්‍යනයකින් අනතුරුව එම වාර්තාව සකස් කොට ඇත.
මෙම කමිටු වාර්තාව හෙට දිනයේදී අගමැතිවරයා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදීමට නියමිත අතර පසුව ඉදිරි දිනකදී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.