විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීම් සිදු කිරීමට එරෙහිව ගොනු කරන ලද රිට් පෙත්සමේ නියෝගය ජූලි මස 31 දා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද දින ලබා දුන්නා.
අද දින හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් වෙනුවෙන් නීතිඥවරයකු පෙනී සිටිමින් පවසා සිටියේ තම සේවාදායකයා මේ වන විට ලිඛිත දේශන ගොනු කර ඇති බැවින් යළි ලිඛිත දේශන ගොනු කිරීමට අපේක්ෂා නොකරන බවයි.
අනිකුත් පාර්ශ්වයන්ද ලිඛිත දේශන ගොනු කර ඇති බව අධිකරණයට දැනුම් දෙන ලදී.
මෙම පෙත්සම අද දින අභියාචනාධිකරණයේ විනිසුරු ජනක් ද සිල්වා මහතා සහ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉදිරියේ කැදවනු ලැබුවා.