මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1891ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිත රෝගීන් 40 දෙනෙකු වාර්තා වූ බවයි.
එලෙස වාර්තා වූ රෝගීන් ගෙන් 29 දෙනෙකු නෞකාවල රැකියාවන්ට යෑම සඳහා ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් වනවා.
කටුනායක ගුවන් තොටුපොළේදී සිදුකරන PCR පරීක්ෂණ වලදී එම පිරිස හඳුනා ගත් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කලේ.
මීට අමතරව අමෙරිකාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් 11 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වී තිබෙනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1991ක් දක්වා ඉහළ ගියා. ඒ අතරින් 1,548 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. තවදුරටත් රෝහල්ගතව සිටින රෝගීන් සංඛ්‍යාව 432ක් වනවා.