CCTV ගැලවූ කැළණි සරසවියේ සිසුන් 09 දෙනා අත්අඩංගුවට

June 23, 2020 at 6:59 AM

ඉකුත් පෙබරවාරි මස 24 වෙනිදා කැලණිය විශ්ව විද්‍යාලයේ ආරක්ෂාවට සහ සිසුන්ගේ ආරක්ෂාව සඳහා සවිකර තිබු ආරක්ෂක කැමරා (CCTV) පද්ධතිය ගැලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සරසවියේ සිසුන් 09 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 22,23 හා 25 යන වයස්වල පසුවන සිසුන් වන අතර ඔවුන්ව අද දිනයේදී මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.