මැතිවරණ අපේක්ෂකයාගේ නිවසේ මුරකරු සහ සුනඛයා අභිරහස් ලෙස මියගිහින්

June 23, 2020 at 2:42 PM

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එළඹෙන මැතිවණයට තරඟ කරන අපේක්ෂකයෙකුගේ තලංගම ප්‍රදේශයේ පිහිටි නිවසක මුරකරු සහ සුනඛයා අභිරහස් ලෙස මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

තලංගම පොලීසියට ලැබුණු තොරතුරක් මත අද (23) උදෑසන අදාළ නිවස පරික්ෂා කිරීමේදී මුරකරුගේ සහ සුනඛයාගේ සිරුරු හමුවී තිබේ.

මීට දින කිහිපයකට පෙර මුරකරු මිය යන්නට ඇතැයි පොලීසිය සැකකරයි.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයා 72 හැවිරිදි කළුතර ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

(මුලාශ්‍ර : අද දෙරණ)