නෞකාවල සේවයට යාමට පැමිණි 29කට කොරෝනා

June 23, 2020 at 9:18 PM

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 29 දෙනෙකු අද දිනයේදී වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1980 ක් දක්වා ඉහළ ගොස් ඇත.

නැව්වල සේවය කිරිම සඳහා වෙනත් රටවල් වලට යාමට මෙම පිරිස ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇති අතර මෙරටදී සිදුකළ PCR පරීක්ෂණ වලදී ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරැ වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කර සිටියේ.