විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පිළිබඳ විමර්ශනයට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) කණ්ඩායමක් අම්පාර හා මඩකලපුව බලා පිටත්ව ගොස් තිබේ.
පොලීසිය පැවසුවේ තමන් අසනීප තත්ත්වයෙන් පසුවන බවත් ඒ හේතුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණීමට නොහැකි යැයි දැන්වීම හේතුවෙන් එසේ කළ බවයි.
එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සාමාජිකයෙකු වශයෙන් සිටි සමයේ කරුණා අම්මාන් විසින් සිදු කළ බව කියන අපරාධ පිළිබඳව ඔහු විසින් පසුගිය දිනෙක සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ඊයේ සඳහන් කළේ.