සමගි ජනබලවේගය පක්ෂ නියෝජිතයන් 99 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයෙන් නෙරැපීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසට සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ දිසා අධිකරණය අද (22) නියෝග කළා .
තම නියෝජිතයන් එක්සත් ජාතික පක්ෂයේ සාමජිකත්වයෙන් නෙරැපීම අභියෝගයට ලක්කරමින් සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.
මීට අදාළ තීන්දුව අද දින දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
වාරණ නියෝගය අයැද සිටීමේදී පැමිණිලි පාර්ශ්වය සත්‍ය කරුණු අධිකරණයට අනාවරණය කිරීම අවශ්‍ය බව අවධාරණය කළ දිසා විනිසුරුවරිය එබැවින් වාරණ නියෝගයක් නිකුත් කළ නොහැකි බව ප්‍රකාශ කර සිටියා.