නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමු වැලිසර නාවික හමුදා කඳවුර හෙට දිනයේදී විවෘත කෙරෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කර සිටිනවා.
නාවික හමුදා සාමාජිකයින් අතරේ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන් ඉකුත් අප්‍රේල් මස 27 වෙනිදා වැලිසර නාවික හමුදා කඳවුර වසා දමා එහි සිටි පිරිස් නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරිමට අවශ්‍ය පියවර ගනු ලැබුවා.
කොරෝනා වෛරසයේ බලපෑමක් නොමැති බවට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් නාවික හමුදාපතිවරයට සිදුකළ ලිඛිත තහවුරු කිරිමෙන් අනතුරුව හෙට දිනයේදී වැලිසර නාවික හමුදා කඳවුර මෙහෙයුම් සඳහා යලි විවෘත කෙරේ.