අන්තර්ජාලය ඔස්සේ පැවති කාන්තා ලෝක කැරම් ශුරතාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ රෝෂිටා ජෝසප් සමත්ව තිබෙනවා.
අවසන් මහ තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩිකාව පරාජය කරමින් රෝෂිටා ජෝසප් විසින් ඔන්ලයින් කාන්තා ලෝක කුසලාන කැරම් ශුරතාවලිය ජයග්‍රහණය කිරිමට සමත්විය.
මෙම තරගාවලිය සඳහා ලෝකයේ රටවල් 07 කින් තරගකාරියන් 12 දෙනෙකු සහභාගි විය.
තරගාවලියේ ජයග්‍රාහිකාවන්ට අන්තර්ජාලය ඔස්සේම සහතික පත්ද ලබාදුන් බවයි තරගාවලිය සංවිධානය කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැරම් සංගමයේ ප්‍රධාන ලේකම් මුහුම්මද් අසාම් ඛාන් ප්‍රකාශ කර සිටියේ.