පාස්කු ප්‍රහාරයෙන් පසු ජාතින් අතර ඇතිවෙන්න ගිය ගැටුම් වැළැක්වූයේ කවුද? හරින්ට කතෝලික පුජක සංසදයෙන් දැඩි විරෝධයක්

June 22, 2020 at 7:13 PM

කාදිනල් හිමිපාණන් අවඥාවට ලක් කරමින් හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කතෝලික පුජක සංසදය විසින් සිය දැඩි අප්‍රසාධය පළ කර සිටිනවා.

ඉකුත් ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට කතෝලික ජන්ද අහිමි කිරිමට කාදිනල් හිමිපාණන් සංවිධානාත්මකව කටයුතු කළ බවට හිටපු මන්ත්‍රිවරයා සිදු කළ චෝදනාව සම්පුර්ණයෙන් හෙළා දකින බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

පාස්කු ඉරුදින එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව රටේ විවිධ ජනවර්ග අතර ඇවිලියන්නට ඉඩ තිබු ගැටුම්කාරී තත්ත්වය වළක්වා ගැනීමට ඒ අවස්ථාවේදී කාදිනල් හිමිපාණන් නායකත්වය ගෙන කටයුතු කළ ආකාරය අමතක කොට පටු දේශපාලන වාසි තකා සිදුකළ එම ප්‍රකාශය සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.