කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රවලට දුන් සහනය මෙන්න

June 22, 2020 at 10:15 AM

රියදුරු බලපත්‍රය අලුත් කිරීම සඳහා ලබාදී තිබු සහන කාලය යළි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව මාර්තු මස 13 වෙනිදා සිට ජුනි මස 30 වෙනිදා අතර කාල සීමාව තුල කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර සඳහා මාස 06 ක සහන කාලයක් ලබාදී තිබෙනවා.

ජුනි මස 30 වෙනිදා සිට සැප්තැම්බර් 30 වන දින අතර කාල සීමාවේදී කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර සඳහා මාස 03 ක සහන කාලයක් ලබාදී ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් පැවසුවේ.