නිර්වාන සංගීත කණ්ඩායමේ කර්ට් කොබේන් විසින් වාදනය කළ ගිටාරයක් වෙන්දේසියකදී අමෙරිකානු ඩොලර් මිලියන 06 ක මුදලකට විකිණී ගොස් තිබෙනවා.
කොබේන් මිය යාමට මාස 05 කට පෙර එනම් 1993 වර්ෂයේ පැවති MTV සංගීත ප්‍රසංගයේදී ඔහු විසින් මෙම Retro acoustic-electric 1959 Martin D-18E ගිටාරය වාදනය කරනු ලැබුවා.
සුප්‍රසිද්ධ වෙන්දේසි සමාගමක් වන ජුලියන් ප්‍රකාශ කර සිටියේ ඉතිහාසයේ ගිටාරයක් සඳහා හිමිවූ ඉහළම මිල මෙය වන බවයි.
අමෙරිකොනු ඩොලර් මිලියනයකින් ඇරඹි වෙන්දේසියෙන් ගිටාරය තමන් සතුකර ගැනීමට සමත්වූයේ රෝඩ් මයික්‍රොෆොන් සමාගමේ නිර්මාතෘ පීටර් ෆ්‍රිඩ්මන් විසින්ය.