වත්තල ප්රදේශයේ දී මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයින් සිව්දෙනෙකු දියේ ගිලීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
මියගිය කාන්තාවන් තිදෙනා වයස අවුරුදු 16,20 සහ 30 යන වයස් වල පසුවන අතර අනෙක් පුද්ගලයා 14 හැවිරිදී වියේ පසුවන බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ ඥාති පිරිසක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.