බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ජංගම දුරකථන ලබා දුන් බව කියන බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු සේවය අත්හිටුවා විමර්ශන සඳහා පොලිසිය වෙත භාරදුන් බව කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ප්‍රකාශ කර සිටිනවා.
මෙම නියාමකවරුන් දෙදෙනා මහර සහ මාතර බන්ධනාගාර වලට අනියුක්තව සේවය කරමින් සිට ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත බන්ධනාගාර ගතව සිටින රැඳවියෙකුට ජංගම දුරකථන 03ක් ලබාදීමට උත්සාහ කිරීමේදී මහර බන්ධනාගාර නියාමකවරයා බන්ධනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.
වැඩ තහනමට ලක් වු මාතර බන්ධනාගාර නියාමකවරයා අත්අඩංගුවට පත්ව ඇත්තේ මාතර බන්ධනාගාරයේ රදවා සිටින එවැනි රැඳවියෙකුට ජංගම දුරකථනයක් ලබාදීමට උත්සාහ කිරිමේදීය.