ජන්දය ගණන් කරන්න අගෝස්තු 06 වෙනිදා : හෙට රාත්‍රියේ විශේෂ ගැසට් නිවේදනයක්

June 21, 2020 at 5:11 PM

මෙවර මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරන්නේ මැතිවරණ දිනයට පසු දින එනම් අගෝස්තු 6 වැනිදා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කර සිටියා.

මහ මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය හෙට (22) නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ එම ගැසට් නිවේදනය බොහෝවිට හෙට මධ්‍යම රාත්‍රියේදී නිකුත් කෙරෙනු ඇති බවයි.