මලාලා ඔක්ස්ෆෝඩ් උපාධිය ලබයි.

June 20, 2020 at 1:19 AM

2012 වසරේදී තලේබාන් වෙඩි පහරකින් ජීවිතය බේරාගත් පාකිස්තාන දැරිය මලාලා යූසුෆාරි පසුගියදා සිය ඔක්ස්ෆෝඩ් උපාධිය සම්පූර්ණ කළාය.

දර්ශනවාදය දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව ඇගේ විෂයයන් විය.

වෙඩි පහරට ගොදුරු වී දිවි බේරාගත් ඇය වයස 17 දී එනම් 2014 දී නොබෙල් සාම ත්‍යාගයද දිනා ගත්තාය.

පාකිස්තාන දැරියන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් කතා කිරීම ඇය තලේබාන් වරුන්ගේ වෛරයට ලක් වීමට හේතුවිය.

උපාධිය ලද පසුව වැඩිපුර නිදාගැනීමටත් සිනමා නැරඹීමටත් කාලය වෙන් කරන බව ඈ රොයිටර් පුවත් සේවයට පවසා තිබිණි.
ඇගේ ජයග්‍රහණය වෙනුවෙන් ලෝකප්‍රකට චරිත රැසක්ම සුබපැතුම් එක්කර තිබුණේ ට්විටර් සමාජ ජාලය හරහායි.