හිටපු ඇමති රිෂාඩ් ගෙන් CID යට පැය 05ක ප්‍රකාශයක්

June 20, 2020 at 6:26 PM

පැය 05 ක පමණ කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත්ව ගොස් තිබෙනවා.

පෙර සිදුකළ දැනුම් දීමකට අනුව හිටපු ඇමතිවරයා අද පෙරවරු 11.30 ට පමණ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

2017 වසරේදී ලංකා සතොස ආයතනය සඳහා සහල් ආනයනය කිරීමේදී සිදුවූ වංචාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු ඇමතිවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා