තවත් ඇතෙකු සමග ඇතිවූ ගැටුමකින් බරපතල තුවාල ලැබු බව කියන විල්පත්තුව රක්ෂිතයේ වෙසෙන ව්‍යාදිකුලම් නම් හස්තියා මියගොස් ඇති බව වාර්තා වනවා.
අද දින උදෑසන විල්පත්තු ජාතික උද්‍යානයේ, බොරුපන්විල ඉහල ප්‍රදේශයේ අසනීපව වැටී සිටින ඇතකු පිලිබඳව වාර්තා වීමත් සමග විල්පත්තු ජාතික උද්‍යානීය නිළධාරීන් එහි ගොස් ඇතා නිරීක්ෂණය කල කර තිබෙනවා.
එම ඇතාගේ දකුණු කණ තුවාලවී තිබෙන බවත් එම තුවාල නිරීක්ෂණය කිරීමේදී තවත් ඇතෙකු හෝ පනු දල සහිත අලියෙකු සමග සටනකදී හිසට තුවාලව ස්වාභාවිකව ඇතිවූ තුවාලයක් බවත් සිටගැනීමට නොහැකිව සිටි මෙම ඇතා වයස අවුරුදු 55-60ක් පමණ වූ ව්‍යාදිකුලම් ඇතා බව නිළධාරීන්ගේ වාර්තා අනුව නිරීක්ෂණය කර ඇත.
ව්‍යාදිකුලම්, තේක්කම හරහා විල්පත්තු ජාතික උද්‍යානය වෙත පැමිණ නැවත විලච්චිය ප්‍රදේශය වෙත නැවත සංචාරණය කරන මෙම ඇතා හට ප්‍රතිකාර කිරීමට අනුරාධපුර වනජීවි පශුවෛද්‍ය ඒකකයේ නිළධාරීන් ප්‍රතිකාර කිරීම සිදු කර මෙම ඇතා සුව කිරීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ගයන් ගනු ලැබුවත් අද දින සවස වයාදිකුලම් ඇතා මියගොස් තිබෙනවා.
(තොරතුරු හා ඡායාරූප: Srinath Dissanayake ගෙනි)