ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 71 වන ඡන්ම දිනය අද (20) ට යෙදී තිබෙනවා.
1949 ජුනි මස 20 වනදා උපත ලැබූ ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදරයෙකු වනවා.
පසුගිය වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට 8වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත් වුණා.
යුද හමුදා නිලධාරියෙකු ලෙස සේවය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා පසුව ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරමින් මෙරට වසර 30ක් පුරා පැවැති කුරිරු යුද්ධ නිමා කිරීමට ප්‍රමුඛ දායකත්වයක් ලබා දුන්නා.
ආරක්ෂක ලේකම් ධුරයට අමතරව නාගරික සංවර්ධන ලේකම් ධුරය දරමින් යුද්ධයෙන් පසුව නාගරික අලංකරණය සහ නාගරික සංවර්ධනය සඳහා සුවිශේෂි දායකත්වයක් ලබා දෙමින් කැපී පෙනෙන මෙහෙවරක නිරත වුණා.