කොවිඩ් 19 වෛරසයට වඩා තමන් භයානක බව විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසනවා.
තමන් එල්ටිටිඊ සංවිධානයේ කරුණා අම්මාන් ලෙස ක්‍රියා කළ කාලයේදී එක් රැයක් තුළ අලිමංකඩ කඳවුරේ සිටි හමුදා සොල්දාදුවන් 2000-3000 අතර පිරිසක් ඝාතනය කළ බවත් එය මෙරට කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාවට වඩා වැඩි බව ඔහු කියා සිටිනවා.
ඔහු මේ බව කියා සිටියේ රැස්වීමක් අතර වාරයේදීය. ඒ ” කරුණා අම්මාන් කොරෝනා වෛරසයට වඩා භයානකයි” යනුවෙන් කාරතිව් පළාත් පාලන ආයතනයේ සභාපතිවරයා සිදුකළ ප්‍රකාශයට පිළිතුරු දෙමින්ය.
යලිත් වරක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තමන්ට කළ ආරාධනය ප්‍රතික්ෂේප කළ බවද දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනායගමුර්ති මුරලිදරන් වැඩිදුරටත් කියා සිටියේ.
තමන් ජනතාවගෙන් වරමක් ලබා ගෙන තමන් පැමිණෙන බවත් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධුරයක් ලබා ගැනීමට තමන් ගේ කැමැත්තක් නොමැති බවට අගමැතිවරයා වෙත ප්‍රකාශ කළ බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.
එල්ටිටිඊ සංවිධානයේ නැගෙනහිර සන්නද්ධ අංශ නායකයා ලෙස ක්‍රියා කළ කරුණා අම්මාන් යනුවෙන් ප්‍රචලිත විනයාගමුර්ති මුරලිදරන් එම සංවිධානයෙන් කැඩී වෙන්වී ගිය අතර පසුව TMVP සංවිධානයේ නායකයා ලෙස කලක් ක්‍රියා කරන ලදී.
පසුව පසුගිය මහින්ද රාජපක්ෂ මහතා ගේ ඉකුත් රජය සමයේ ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරනු ලැබිය.
අදාල වීඩියෝ පටය නරඹන්න 👇
https://m.facebook.com/story.php?story_fbid=3383837045009863&id=119154468144820