බුද්ධි අංශ නිලධාරියා අනතුරට ලක්‌ කළ ඩිෆෙන්ඩර් රියදුරුට ඇප

June 19, 2020 at 12:09 PM

‪බම්බලපිටිය, හැව්ලොක් ප්‍රදේශයේදී රාජ්‍ය බුද්ධි සේවයට අනියුක්ත පොලිස් සැරයන්වරයා මරණයට පත් කරමින් සිදුවූ රිය අනතුරට සම්බන්ධ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ 24 හැවිරිදි පුද්ගලයා ඇප මත මුදා හැර තිබෙනවා.

ඉකුත් 11 වෙනිදා රාත්‍රියේදී සිදුවූ එම මාරාන්තික රිය අනතුරෙන් තුවාල ලැබූ තවත් පොලිස් නිලධාරියෙකු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මෙම රිය අනතුරෙන් ජිවිතක්ෂයට පත්වුයේ පසුගියදා කොළඹ ජාතික රෝහලේ සිදුවූ රුපියල් 79 ලක්ෂයේ මුදල් මංකොල්ලය වැළැක්වීමට නොබියව කටයුතු කළ රාජ්‍ය බුද්ධි සේවයට අනියුක්තව රාජකාරී සිදුකළ නිලධාරින් දෙදෙනා ගෙන් එක් අයෙක් වනවා.