කංජිපානි ගේ පියාට තියුණු ආයුධ වලින් පහරදුන් තවත් අයෙක් අත්අඩංගුවට

June 19, 2020 at 4:52 PM

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධ වලින් පහරදී තුවාල සිදුකළ සිද්ධියට අවශ්‍යව සිටි අවසන් සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රොනාල් සිල්වා නොහොත් රෝගාන්ෂන් නැමැත්තාය.

ඔහු අපරාදය සිදුකොට පළා ගොස් මට්ටක්කුලිය, සත්හිරු සෙවන නිවාස සංකීර්ණයේ නිවසක සිටියදී මාලිගාවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මිට පෙර තවත් සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගනු ලැබුවා.