නව කොරෝනා වෛරසය හේතුවෙන් මැදපෙරදිග ලංකාවට ඒමට නොහැකිව සිරවී සිටි පුද්ගලයින් 290 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානය අද අලුයම 5.35 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ලඟා වූ බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
එලෙස පැමිණි පිරිස අතර ගර්භනී මාතාවන් 100 දෙනෙකු සහ කුඩා දරුවන් 08 දෙනෙකු ද සිටින බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කර සිටිනවා.
මෙම පිරිසට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් ගුවන් තොටුපොළේදී PCR පරීක්ෂණ සිදුකිරිමට අවශ්‍ය පියවර ගෙන තිබු අතර එහි ප්‍රථිපල ලැබෙන තෙක් ගුවන් තොටුපොළ ආසන්නයේ පිහිටි හෝටල් 04 ක රඳවා තැබීමට පියවර ගෙන තිබෙනවා.